පෙර පාසල් සදහා අති විශේෂ නිවේදනයක් - ජූලි පළමු වැනිදාට පෙර අනිවාර්යයි
ජූලි පළමුවනදා වනවිට සියලුම පෙර පාසල් ලියාපදිංචි කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි. අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ එලෙස ලියාපදිංචි කිරීමට කටයුතු නොකරන පෙර පාසල්වල නම් ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බවයි.
ලියාපදිංචි කරන ලද පෙරපාසල් වලට තම දරුවන් යොමුකරන ලෙසට දෙමව්පියන්ට දැනුම් දීමට කටයුතු කරන බවද අමාත්‍යවරිය සඳහන් කළේය.
අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ දකුණු පළාතේ පෙර පාසල් පිළිබදව ගාල්ල / මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවල රාජ්‍ය නිලධාරීන්ට පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති හමුවකදීයි.
මෙම අවස්ථාවට දකුණු පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සුසිරිපාල මානවඩු මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියා.