තලපති විජේගෙන් ඉතිහාසගත සිදුවීමක් - සුළු මොහොතකට පෙර වර්තමාන තමිල් නාඩු මහ ඇමති ස්ටාලින් පරාජය වේ
සුළු මොහොතකට පෙර තමිල්නාඩුවම කම්පා වන ආකාරයේ සිදුවීමක් සිදු වී ඇත.ඒ තමිල්නාඩු ප්‍රාන්තයේ වර්තමාන මහ ඇමති සහ ද්‍රාවිඩ මුන්නේට්‍ර කලගම් නායක එම්.කේ.ස්ටාලින් ඔහු ඉදිරිපත් වූ කොලත්තුර් මැතිවරණ ආසනයෙන් පරාජය වී ඇත.
මැතිවරණයකදී වර්තමාන පාලකයාගේ පක්ෂය පරාජය වුවද ඔහු තමා ඉදිරිපත් වන ආසනයෙන් ජයග්‍රහණය කිරීම දේශපාලනයේ සාමාන්‍ය සිදුවීමකි. නමුත් වර්තමාන මහ ඇමති ඔහු ඉදිරිපත් වූ ආසනයෙන්ම පරාජය වීම අතිශය ආන්දෝලනාත්මක තත්ත්වයකි.
ඒ අනුව වර්තමාන මහ ඇමති ස්ටාලින් පරාජය කරමින් තලපති විජේගේ තමිලග වෙට්රි කලගම් නියෝජනය කරමින් ඉදිරිපත් වූ වී එස් .බාබු නැමැත්තා ජන්ද 9000ක් වැඩිපුර දිනාගනිමින් එම ආසනයේ ජයග්‍රහණය කර ඇත. මෙම ජන්ද ප්‍රථිපලය මගින් තමිල් නාඩු ජනතාව කොතෙක් දුරට වර්තමාන ආණ්ඩුව කෙරෙහි තම අප්‍රසාදය තබා ඇත්ද පැහැදිලි වේ.
ඒ අනුව අද පස්වරු 4. 30 වන විට, තලපති විජේගේ පක්ෂය වන තමිලග වෙට්රි කලගම් මැතිවරණ කොට්ඨාශ 106 කින් ද, AIADMK සන්ධානය මැතිවරණ කොට්ඨාශ 53 කින් ද, DMK සන්ධානය මැතිවරණ කොට්ඨාශ 75 කින් ද ඉදිරියෙන් සිටී.