හෝමූස් සමුද්‍ර සන්ධියේදී ඉරානයෙන් අමෙරිකානු යුද නෞකාවකට මිසයිල ප්‍රහාරයක්
හෝමුස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) පවතින යුදමය නොසන්සුන්තාව තවදුරටත් උත්සන්න කරමින්, තම මුහුදු සීමාවට ඇතුළු වීමට උත්සාහ කළ ඇමෙරිකානු යුද නෞකාවකට මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කළ බව ඉරානය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
ඉරාන රජයේ රූපවාහිනිය වාර්තා කරන පරිදි, ජාස්ක් (Jask) දූපත අසලදී මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඉරානය විසින් ලබාදුන් අනතුරු ඇඟවීම් ඇමෙරිකානු නෞකාව විසින් නොසලකා හැරීම හේතුවෙනි.
මෙම මිසයිල ප්‍රහාරයෙන් අනතුරුව අදාළ ඇමෙරිකානු යුද නෞකාව එම ප්‍රදේශයෙන් පසුබැස ගොස් ඇති බව වාර්තා වේ. කලාපයේ බලය තහවුරු කිරීමට ඉරානය දරන මෙම උත්සාහය හමුවේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර ඇත්තේ, අදාළ මුහුදු සීමාවේ සිරවී ඇති නෞකා ආරක්ෂිතව පිටතට මෙහෙයවීමට ඇමෙරිකාව දිගින් දිගටම කටයුතු කරන බවයි.
ලෝක තෙල් වෙළඳාමට තීරණාත්මක බලපෑමක් එල්ල කරන හෝමුස් සමුද්‍ර සන්ධිය තුළ මෙලෙස සෘජු යුද ගැටුම් ආරම්භ වීම ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි කනස්සල්ලට හේතු වී තිබේ.