මේ දේවල් මිලදී ගද්දි ප්‍රවේශමෙන් - පාරිභෝගිකයා නොමඟ ‍යැවූ වෙළඳසල් හිමිකරුට වැඩ වරදී

Report

මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු කල් ඉකුත් වු දොඩම් යුෂ පානය ඇතුළත් ඇසුරුම් අලෙවි කිරීමට ප්‍රදර්ශනය කර තිබූ වෙළඳසල් හිමිකරුවකුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියම කර ඇත.

ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්.ඩී.ඩී.ජේ ප්‍රේමරත්න හමුවේදීයි.

ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින්.

මෙසේ දඩ මුදල් නියම කර ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පැවති වෙළඳසලක හිමිකරුවෙකුට බව සඳහන්.

අපහසුතාවයට පත් වුන කාලය ඉවරයි - දුරගමන් බස් රථ සඳහා ඔන්ලයින් ක්‍රමවේදය හරහා ආසන වෙන් කර ගත හැකි වෙබ් අඩවියක්

අපහසුතාවයට පත් වුන කාලය ඉවරයි - දුරගමන් බස් රථ සඳහා ඔන්ලයින් ක්‍රමවේදය හරහා ආසන වෙන් කර ගත හැකි වෙබ් අඩවියක්

විධාන අංක 52 දරණ විධානයට අනුව පැවරී ඇති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශනයට අනුව සියලු නිෂ්පාදකයන් ආනයනයකරුවන්, බෙදාහරින්නන් වෙළඳුන් විසින් තම ව්‍යාපාර ක්‍රියාවලිය තුළදී විකිණීමට නුසුදුසු, කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය නුසුදුසු බවට හඳුනාගෙන විකිණීමට ප්‍රදර්ශනය කර තිබීම සහ අලෙවි කිරීම දඬුවම් ලබාදිය හැකි වරදක් බව විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දක්වා ඇත.

එසේම විත්තිකරු කල් ඉකුත් වීමේ දිනය 2026 මාර්තු 14 වශයෙන් තිබූ අධි සාන්ද්‍ර දොඩම් යුෂ 330 ml ඇසුරුමක් පාරිභෝගිකයා නොමඟ යවන ආකාරයට ප්‍රදර්ශනය කර තබා ඇති බව සඳහන්.

රටම කැළඹූ භාණ්ඩාගාර නිලධාරීයාගේ මරණය ගැන ආන්දෝලනාත්මක රහස් රැසක් - මරණය සැක බවට බිරිදගෙනුත් පැමිණිල්ලක්

රටම කැළඹූ භාණ්ඩාගාර නිලධාරීයාගේ මරණය ගැන ආන්දෝලනාත්මක රහස් රැසක් - මරණය සැක බවට බිරිදගෙනුත් පැමිණිල්ලක්

ඒ අනුව විමර්ශන නිලධාරීන් දන්වා ඇත්තේ පාරිභෝගික කටයුතු අධිකාරියේ නියුතු විමර්ශන නිලධාරියකු වන යසිත ඉෂාන් යන අයට රුපියල් 660/= මිලකට එම පානය ඇතුලත් ඇසුරුම විකිණිමේදී අත්අඩංගුවට ගත් බවයි.

ඒ 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ වරදක් සිදු කිරීම හේතුවෙන්. මේ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අඳාළ සැකකරුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කර ඇත.

ඉන්ධන පිරවුම්හල් රැසක් වසා දැමීමේ අවදානමක්? ඉන්ධන මිල සූත්‍ර‍යේ සමාලෝචනයක් ඉල්ලයි

ඉන්ධන පිරවුම්හල් රැසක් වසා දැමීමේ අවදානමක්? ඉන්ධන මිල සූත්‍ර‍යේ සමාලෝචනයක් ඉල්ලයි