සර්වජන බලයෙන් ආණ්ඩුවට අමතයි - අධිකරණයේ ස්වාධීනත්වයට එරෙහි ප්‍රහාර දැඩි ලෙස හෙළා දකියි
අධිකරණයේ ස්වාධීනත්වයට රජය විසින් එල්ල කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බව සර්වජන බලය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂයේ නීතිඥ රන්ජන් සෙනෙවිරත්න මහතා අවධාරණය කර ඇත්තේ, අදාළ ප්‍රකාශ නිර්ලජ්ජිත, ප්‍රකෝපාකාරී සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල ආරක්ෂා කළ නොහැකි ඒවා වන බවය.
අධිකරණය විධායකයේ අභිමතයට නතු කර ගැනීමට සිතාමතා කරන ලද උත්සාහයක් බව ද එහි සඳහන්ය. මෙය හුදු දේශපාලන විවරණයක් නොව මෙය ප්රජාතන්ත්රවාදය කෙරෙහි එල්ල කරන ලද ප්‍රහාරයක් බව සර්වජන බලය අවධාරණය කරයි.
