පැන යාමට සූදානම් වූ සැකකරුවන් දෙදෙනාට වෙඩි
ගල්ගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට රැගෙන යමින් සිටි මත්ද්‍රව්‍ය සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවෙන් මිදී පලායාමට උත්සාහ කිරීමේදී, පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එක් සැකකරුවෙකු තුවාල ලබා තිබේ.
ගල්ගමුව, ගොජරාගම ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරුවන් දෙදෙනා මාංචු පිටින්ම පොලිස් ජීප් රථයෙන් පැන ඇහැටුවැව මාර්ගයේ මීටර් සියයක් පමණ දුරක් දිවගොස් ඇති අතර, ඔවුන් මෙල්ල කරගැනීම සඳහා පොලිසියට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට සිදුව ඇත.
වෙඩි ප්‍රහාරයෙන් පාදයට තුවාල ලැබූ සැකකරු මුලින්ම ගල්ගමුව මූලික රෝහලට ඇතුළත් කළ අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබේ.
පලායාමට උත්සාහ කළ අනෙක් සැකකරු ද පොලිසිය විසින් යළි අත්අඩංගුවට ගෙන ඇත.
මත්ද්‍රව්‍ය වැටලීම්වලදී අත්අඩංගුවට ගන්නා සැකකරුවන් මෙලෙස පොලිස් අත්අඩංගුවෙන් මිදී පලායාමට උත්සාහ කිරීමේ ප්‍රවණතාවක් මෑතකාලීනව වාර්තා වන අතර, මෙම සිදුවීම ද එහි තවත් එක් ප්‍රතිඵලයකි.