අනාරක්ෂිත ලෙස බෝට්ටු සංචාරයේ යෙදුණු 5දෙනෙකුට සිදුවූ අවාසනාවන්ත සිදුවීම..

Srilanka nature Kandeela
By Sithumi Feb 06, 2022 11:00 AM GMT
Sithumi

Sithumi

Report

නුවරඑළිය - මීපිලිමාන ප්‍රදේශයේ කන්දෙ ඇල ජලාශයේ අනාරක්ෂිත සහ අවදානම් ලෙස සංචාරකයින් රැගෙන ගිය බෝට්ටුකරුවන් 5 දෙනෙකුට දැඩි සේ අවවාද කර මුදා හැර තිබෙනවා

. ඒ නුවරඑළිය පොලිස් ජිවිතාරක්ෂක නිලධාරින් සහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් සිදුකරන ලද වැටලීමකදීයි. මෙහෙයුම සිදුකර ඇත්තේ කන්දෙ ඇල ජලාශයේ හබල් බෝට්ටු 5 කින් සංචාරකයින් රැගෙන යන බවට තොරතුරු ලැබීමෙන් අනතුරුවයි.

කිසිදු ආයතනයකින් අනුමැතිය නොගෙන බෝට්ටුකරුවන් විසින්ම අනාරක්ෂිත අන්දමින් සකස් කර තිබූ හබල් බෝට්ටුවකින් මෙලෙස සංචාරකයින් රැගෙන ගොස් ඇති බව අනාවරණ වී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now