කාර් එක සමග පුද්ගලයන් 5 දෙනෙකු ගගට වැටෙයි

By Sithumi Jan 13, 2022 02:26 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී පාද වන්දනාවේ ගොස් පැමිණෙමින් සිටි පිරිස රැගත් මෝටර් රථයක් යටියන්තොට අලිවත්ත ප්‍රදේශයේදී කැලණි ගඟට පෙරළී තිබේ. අවට සිටි පිරිස් එක්වී මෝටර් රථයේ සිටි පිරිස් බේරාගෙන ඇත. 

 ඒ අනුව සිද්ධියෙන් තුවාල ලැබූ සිව්දෙනෙකු කරවනැල්ල මූලික රෝහලට ඇතුළත් කෙරුණි. අනතුර සිදුවී තිබුණේ ඊයේ (12) පස්වරුවේදීය. ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ස්ථානයේ නිතර අනතුරු සිදුවෙන බවත් ආරක්ෂිත වැටක් ඉදිකරන ලෙස කලක සිට බලධාරීන්ගෙන් ඉල්ලා සිටිය ද මේ දක්වා එය සිදුවී නොමැති බවය.

මේ අතර අනතුරට පත් පිරිස බේරාගැනීම සඳහා එම අවස්ථාවේ මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් සිය රථවාහන මාර්ගය අසල නවතා ඇති අතර පසුපසින් පැමිණි ලොරි රථයක් එම වාහනවල ගැටී අනතුරට ලක්වී තිබුණි.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now