ලිට්රෝ ගෑස් ගන්න ටෝකන්.. ගෑස් හිඟයෙන් පාරිභෝගිකයන් දැඩි අසීරුතාවයක - උදෑසන 10 සිට පෝලිම්වල
හැටන් නගරයේ දින කිහිපයක සිට පවතින ලිට්රෝ ගෘහස්ථ ගෑස් හිගය නිසා පාරිභෝගිකයන් දැඩි අසීරුතාවයකට පත් වී ඇති බව සඳහන්.
මේ අතර ලිට්රෝ ගෑස් සමාගමේ හැටන් නගරයේ අලවෙි නියෝජිතයන්ට අද (24) දින නිකුත් කළ සිමිත ගෑස් සිලින්ඩර් ප්රමාණය අලෙවි නියෝජිතයා විසින් ටෝකන්පත් ලබා දි ගෑස් නිකුත් කරන අයුරු ද දක්නට ලැබී ඇති බව වාර්තා වේ.
ඒ අනුව වැඩිදුරටත් වාර්තා වූයේ එම ගෑස් සිලින්ඩර් ලබා ගැනීමට පාරිභෝගිකයන් උදෑසන 10:00සිට ගෑස් ලොරිය පැමිණෙන තෙක් පෝලිම්වල රැදී සිටි බවයි.