සංචාරක හෝටල්-ආපනශාලා 40,000ක් සේවකයින් මණ්ඩලයේ නැහැ - මොකද මේ ලොකු ගැටලුව?
ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි නොවී සංචාරකයන්ට සේවා සපයන හෝටල් සහ ආපනශාලා 40,000ක් පමණ රටපුරා ක්‍රියාත්මක වන බව නවතම අනාවරණයක් මගින් හෙළි වී තිබේ.
මීට පෙර මණ්ඩලයේ ලියාපදිංචි වී සිටි හෝටල් සහ ආපනශාලා 7,000ක් පමණ තිබූ අතර, වර්තමානයේ වාර්ෂිකව ලියාපදිංචිය අලුත් කරමින් පවත්වාගෙන යනු ලබන්නේ ඒ අතරින් 2,000ක් පමණක් බව සංචාරක මණ්ඩලය සඳහන් කරයි.
එසේම, සංචාරකයන්ට නවාතැන් සහ ආහාර සැපයීමේ ප්‍රධාන වෙබ් අඩවියක පමණක් ලියාපදිංචි නොවූ හෝටල් සහ ආපනශාලා 8,000ක් පමණ ලැයිස්තුගත වී ඇති බවද මණ්ඩලය පෙන්වා දෙයි.
2005 අංක 38 දරන ශ්‍රී ලංකා සංචාරක මණ්ඩල පනතට අනුව, සංචාරකයන්ට සේවා සැපයීමට නම් මණ්ඩලයේ ලියාපදිංචි වීම අනිවාර්යයකි. මෙම නීතිය ක්‍රියාත්මක වුවද, බොහෝ හෝටල් හිමියන් සහ ආපනශාලා හිමියන් ලියාපදිංචි වීමට අඩු උනන්දුවක් දක්වන බව මණ්ඩලය පවසයි. දිගින් දිගටම දැනුවත් කිරීම් සිදු කළද එයට ඔවුන්ගේ ප්‍රතිචාරය අඩුය.
ලියාපදිංචි වූ හෝටල්වලින් වාර්ෂික ආදායම රුපියල් මිලියන 12ට අඩු නම් එම ආදායමෙන් 0.5%ක්ද, ඊට වැඩි නම් 1%ක්ද මණ්ඩලයට ගෙවිය යුතුය. එමෙන්ම මණ්ඩලයේ සහතිකය තිබීම මත්පැන් බලපත්‍ර ලබාගැනීම, වීසා පහසුකම්, සංචාරකයන් ගෙන්වාගැනීමේ කටයුතු සහ විදෙස්ගත වීම් ආදියට අත්‍යවශ්‍ය වේ.
ලියාපදිංචි නොවී ක්‍රියාත්මක වන මෙම ආයතන නිසා සංචාරක ක්ෂේත්‍රයේ ආදායම මණ්ඩලයට නොලැබීම මෙන්ම ප්‍රමිතිය සහ ආරක්ෂාව පිළිබඳ ගැටලු ඇතිවීමේ අවදානමක්ද පවතින බව වාර්තා වේ.