ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකුට නොසිතූ ලෙස දිවි අහිමි කළ, ගිනි ජාලාව - නවතම වීඩියෝ දර්ශන එළියට (VIDEO)

By Sewvandhi Nov 20, 2021 03:50 AM GMT
Sewvandhi

Sewvandhi

Report

එංගලන්තයේ, බේක්ස්ලීහීත් ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් ශ්‍රී ලාංකිකයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කාන්තාවන් දෙදෙනකු සහ කුඩා දරුවන් දෙදෙනෙකු බව වාර්තා වෙයි.

ගින්නෙත් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. එම්. මතිවාතනන් නමැති පුද්ගලයාගේ බිරිඳ, දරුවන් දෙදෙනා සහ නැන්දනිය එම ගින්නෙන් මියගොස් ඇති බව සඳහන් විය.

මියගිය දරුවන් දෙදෙනා වයස අවුරුදු 4ක් සහ මාස 18ක වයසේ පසුවූවන් බව සඳහන් විය. එම් මතිවාතනන්ගේ නැන්දනිය අද (20) දිනයේ ලංකාවට පැමිණිමට ගුවන් ටිකට්පත් ද ලබාගෙන සූදානමින් සිට ඇති බව වාර්තා වේ.

අදාල නිවසේ පහළ මහලේ ගින්න හටගෙන ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් වාර්තා පවසයි. එම පුද්ගලයින් විසින් අදාල නිවස මීට මාස තුනකට පෙර මිලදී ගෙන ඇති අතර ඔවුන් අවුරුදු 15ක් පමණ එංගලන්තයේ පදිංචිව සිට ඇති බව සඳහන් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW

  

ReeCha