අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් සිව්දෙනාට ඇප

Report

තණමල්විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයට අයත් නිකවැව ප්‍රදේශයේ ගංජා හේනක් වටලා එම ගංජා හේන අයත් පුද්ගලයන්ගෙන් රුපියල් ලක්ෂ පහක අල්ලස් මුදලක් ලබාගත් බවට සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් සිව්දෙනා ඇප මත නිදහස් කරන ලෙස වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

ඒ එක් අයෙකුට රුපියල් පනස්දහස බැගින් මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දෙක බැගින් ශරීර ඇප දෙකක් මතයි.

කෙසේ වෙතත් අනාවරණය වූයේ මොණරාගල කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් පිරිසක් ඉකුත් දා නිකවැව ප්‍රදේශයේ වැටලීමක් සිදුකර ඇති අතර එහිදී එම ගංජා හේනේ හිමිකරුගෙන් රුපියල් ලක්ෂ පහක අල්ලස් මුදලක් ලබාගෙන ඇති බවයි.

දිවයිනටම පොලීසියෙන් දැනුම්දීමක් - හදිසි ඕනෑම අවස්ථාවක වහාම අමතන්න

දිවයිනටම පොලීසියෙන් දැනුම්දීමක් - හදිසි ඕනෑම අවස්ථාවක වහාම අමතන්න

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොණරාගල කොට්ඨාශ දූෂණ මර්දන අංශයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරු දෙදෙනෙක්,පොලිස් කොස්තාපල්වරයෙක් සහ පොලිස් කොස්තාපල් රියදුරුරෙක් බව පොලිසීය සඳහන් කළා.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානය විසින් ඉදිරි විමර්ශන සිදු කරන බව සඳහන්.  

ශ්‍රී ලංකාවේ උද්ධමනය සහ ආර්ථිකයට ඉදිරි මාසවලදි වෙන්න යන දේ - මහබැංකු අධිපතිගෙන් විශේෂ ආරාධනයක්

ශ්‍රී ලංකාවේ උද්ධමනය සහ ආර්ථිකයට ඉදිරි මාසවලදි වෙන්න යන දේ - මහබැංකු අධිපතිගෙන් විශේෂ ආරාධනයක්

රත්තරන් මිල මෙච්චර අඩුවට - ලංකාවේ රත්තරන් මිලට ඇස් උඩ යයි

රත්තරන් මිල මෙච්චර අඩුවට - ලංකාවේ රත්තරන් මිලට ඇස් උඩ යයි