ශ්‍රී ලංකාවේ උද්ධමනය සහ ආර්ථිකයට ඉදිරි මාසවලදි වෙන්න යන දේ - මහබැංකු අධිපතිගෙන් විශේෂ ආරාධනයක්
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සහ උද්ධමනය යන දර්ශක දෙකම ඉදිරි මාස කිහිපය තුළ මන්දගාමී අතට හැරෙනු ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා Bloomberg වෙත ඉකුත් දා විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර ඇත.
එසේම අවධාරණය කර ඇත්තේ 2022 ආර්ථික අර්බුදයෙන් අනතුරුව රටේ ආර්ථිකය අඛණ්ඩව තෙවන වසරටත් 5%ක පමණ ස්ථාවර වර්ධන වේගයක් පෙන්නුම් කරමින් සාර්ථක ප්‍රකෘතිමත් වීමක පවතින බවයි.
එහිදී උද්ධමනය කළමනාකරණය කර ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ගෝලීය බොරතෙල් බැරලයක මිල ඩොලර් 80ක පමණ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන පසුබිමක, 5%ක උද්ධමන ඉලක්කය ළඟා කරගත හැකි බව මහ බැංකු අධිපතිවරයා පෙන්වා දී ඇති බව සඳහන්.
එමෙන්ම ණය වර්ධනය පාලනය කිරීමට සහ විනිමය අනුපාතිකය ස්ථාවරව පවත්වා ගැනීමට ඉකුත් මැයි මාසයේදී ක්‍රියාත්මක කරන සම්බන්ධයෙන් අදහස් දක්වමින්, දැඩි මූල්‍ය ප්‍රතිපත්ති නිසා වසරේ දෙවන භාගයේදී ආර්ථික වර්ධනයේ යම් මන්දගාමී ස්වභාවයක් දැකිය හැකි වුවද, සමස්තයක් වශයෙන් වසරේ ආර්ථික වර්ධනය 4%ත් 5%ත් අතර අගයක පවත්වා ගැනීමට හැකි වනු ඇති බවට අපේක්ෂා කෙරෙන බවත්, රටේ විචක්ෂණශීලී මූල්‍ය ප්‍රතිපත්ති සහ ප්‍රකෘතිමත් වන පෞද්ගලික අංශය ප්‍රධාන ධාවකයන් වශයෙන් පෙන්වා දෙමින්, ආයෝජකයින්ට ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් මහබැංකු අධිපතිවරයා විශේෂයෙන් ආරාධනා කර ඇති බවත් වාර්තා වේ.
සුළු මොහොතකට පෙර බැංකු වැටලීමක් - ප්‍රධාන පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් හතරක් අත්අඩංගුවට - ඉතිහාසයේ පළමු වතාවට බැංකුව තුළම අත්අඩංගුවට
තවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ශ්‍රී ලංකාව මේ වන විට සිව්වන සහ පස්වන සමාලෝචන සාර්ථකව අවසන් කර ඇති බවත්, ලබන වසරේ දෙවන භාගය වන විට සිව් අවුරුදු විස්තීර්ණ අරමුදල් පහසුකම සාර්ථකව නිම කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු තහවුරු කර සිටි බව සඳහන්.
එමෙන්ම ආර්ථික ස්ථාවරත්වය සහ දිගුකාලීන වර්ධනය ළඟා කර ගැනීමට ආයතනික සහාය ලබා ගත් සාර්ථකම නිදසුනක් වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇති බවද මෙහිදී සඳහන් වී ඇත.