විමල් වීරවංශට වරෙන්තු
By Malith Madushan
2016 වසරේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයෙකු ලෙස කටයුතු කළ සෙයිද් අල්හුසෙන් කුමරු ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී කොළඹ තුම්මුල්ල ප්‍රදේශයේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ආසන්නයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයක් පැවැත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට වරෙන්තු නිකුත් කර තිබේ.
අදාළ නඩුව අද (21) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විමල් වීරවංශ මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර ඇත.
ඒ අනුව විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. මෙම නියෝගය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් නිකුත් කරනු ලැබීය.
මේ අවුරුද්දේ එක්ලක්ෂ විසි එක්දාහක් අලුතින් රාජ්‍ය සේවයට බඳවා ගන්නවා.. රාජ්‍ය සේවයට ඇඟිලි ගනින අයට ජනපති රැලිය මැදදි කිව්ව සුබ පණිවුඩය