හවායි හි මවුයි (Maui) පළාතේ ලැව්ගිනි (Forest fire) හේතුවෙන් පුද්ගලයින් 36 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ප්‍රදේශයට හමා යන තද සුළං හේතුවෙන් ගින්න පැතිර ගොස් ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍යවලට වාර්තා කරන්නේ.
මේ හේතුවෙන් Maui පළාතේ දහස් ගණන් ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති අතර ගින්න පාලනය කිරීමට පියවර ගෙන තිබෙනවා.