"රනිල් වික්‍රමසිංහ මේ දක්වාම වැරදිකාරයෙක් නෙමෙයි" ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට

Report

කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල් කාන්ත මහතා විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන තෙක් වරදකරුවෙක් නොවන බව ප්‍රකාශ කර ඇත.

අමාත්‍යවරයා විසින් රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම පිලිබදව අදහස් පල කරමින් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ, මේ වන විට මහජනතාවගේ වැඩි අවධානයක් යොමු වී ඇත්තේ 26 වන දිනට කුමක් සිදුවේ දැයි යන ප්‍රශ්නයටයි.

රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම ගැන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් විශේෂ නිවේදනයක්

රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම ගැන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් විශේෂ නිවේදනයක්

කෙතෙක් විමසුවද ලබන 26 වන දිනට සිදුවිය හැකි කරුණු දෙකක් ඇති බවත් 26 වන දිනට අදාළව ඇප ලබා දී නීතිමය කටයුතු ඉදිරියට ගෙන යාම හෝ ඇප නොදී අදාළ කටයුත්ත විභාගයට ගැනීම යන කරුණු දෙකෙන් එකක් සිදු වේයැයි ඔහු ප්‍රකාශ කර තිබේ.කෙසේ නමුත් තමන් නීතිමය කටයුතුවලට මැදිහත් නොවන බවත් මැදිහත් වීම නුසුදුසු සහ වැරදි ක්‍රියාවක් බවත්ය අමාත්‍යවරයා පැහැදිලි කළේය.

රනිල්ට අසාධ්‍යයි උසාවි එන්න බෑ - නිසි ප්‍රතිකාර නැත්නම් වකුගඩුවට හා මොළයට හානියක් වෙයි

රනිල්ට අසාධ්‍යයි උසාවි එන්න බෑ - නිසි ප්‍රතිකාර නැත්නම් වකුගඩුවට හා මොළයට හානියක් වෙයි

වැඩිදුරටත් අමාත්‍යවරයා ප්‍රකාශ කලේ ,ඇතැම් පිරිස් විසින් “නඩු තීන්දුව ලියා ඇත්තේ පැලවත්තේ කාර්යාලයේ” ලෙස ප්‍රකාශ කරමින් කටයුතු කරන බවත් එවැනි ප්‍රකාශයක් සිදුකළ පුද්ගලයෙකු සම්බන්ධයෙන් අධිකරණය මැදිහත් වුවහොත් හෝ යමෙකු පැමිණිලි කළහොත්, එම පුද්ගලයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නීතිය ක්‍රියාත්මක විය හැකි බව පැවසූ අමාත්‍යවරයා විරෝධතකරැවන්ට “පෙර මෙන් වගකීම් විරහිතව ප්‍රකාශ නොකරන ලෙස” අවවාද කරයි.

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්

අවසාන වශයෙන් ඇමති කේ.ඩී. ලාල් කාන්ත පැවසුවේ රටේ නීතිය වර්තමානයේ නිසි ලෙස ක්‍රියාත්මක වන බැවින් පුරවැසියන් ලෙස තමන්ගේ ප්‍රකාශයන් පිළිබඳව හොඳින් සිතා බලා කටයුතු කිරීමේ අනිවාර්යය බවයි.