වසර 9යකට පසු රජයේ මේ තනතුරට නිලධාරින් බදවා ගැනේ

Report

පසුගිය 2017 වසරෙන් පසුව ප්‍රථම වතාවට ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ 3 ශ්‍රේණියේ කාර්මික නිලධාරීන් 133 දෙනෙකු රාජ්‍ය සේවය සඳහා නිල වශයෙන් බඳවා ගැනීම අද (15) වැනිදා සාර්ථකව සිදු කර තිබේ.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමින් සිදුකෙරෙන විවිධ සංවර්ධන කටයුතු උපරිමයෙන් වේගවත් කිරීම සඳහා අවශ්‍ය වන මූල්‍ය ප්‍රතිපාදන විශාල වශයෙන් වෙන් කර ඇති අතර, එම සියලුම සංවර්ධන කටයුතු ඉතාමත් විධිමත්ව හා කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා ක්ෂේත්‍රයේ පවතින මානව සම්පතේ දැඩි හිඟය වහාම මඟහරවා ගැනීමට රජය මඟින් තීරණය කර ඇත.

ඒ අනුව වසර 9 ක දීර්ඝ කාලයකට පසුව මෙලෙස නව තාක්ෂණික නිලධාරීන් කණ්ඩායමක් එකවර රාජ්‍ය සේවයට බඳවා ගැනීමට පියවර ගෙන තිබේ.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී රට පුරා ඉතාමත් විනිවිදභාවයකින් යුතුව පැවැති රාජ්‍ය තරග විභාගය සඳහා සුදුසුකම්ලත් අයදුම්කරුවන් 3500 කට ආසන්න විශාල පිරිසක් පෙනී සිටි අතර, ඉන් ඉහළම ලකුණු ලබා ගනිමින් සුවිශේෂී සුදුසුකම් ලැබූ දක්ෂයින් 133 දෙනා දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි තෝරාගනු ලැබුවා.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ දැනුම්දීමක්

අලුතින් පත්වීම් ලැබූ මෙම සමස්ත නිලධාරීන් පිරිස මේ වන විට දිවයින පුරා දැඩි තාක්ෂණික නිලධාරී පුරප්පාඩු පවතින දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි අනුයුක්ත කිරීමට ද කටයුතු යොදා තිබේ.

කොළඹ නිලමැදුර ශ්‍රවණාගාරයේදී අද උත්කර්ෂවත් අන්දමින් පැවැති මෙම නව පත්වීම් ප්‍රදානය කිරීමේ සුවිශේෂී අවස්ථාවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා ඇතුළු අමාත්‍යාංශයේ උසස් රාජ්‍ය නිලධාරීන් රැසක් මෙන්ම පත්වීම්ලාභී නව නිලධාරීන්ගේ ඥාතීන් විශාල පිරිසක් ද සක්‍රීයව සහභාගී වී සිටියහ.

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අසුබ ආරංචියක් - සමස්ත ණය බර රු. ට්‍රිලියන 30 පනී

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අසුබ ආරංචියක් - සමස්ත ණය බර රු. ට්‍රිලියන 30 පනී