රට තුළ දෛනික covid ආසාදිතයන් තිස් දාහක් -අධි අවදානම් තත්ත්වයක්

Sri lanka covid 19 corona virua
By Sithumi Aug 14, 2021 05:34 PM GMT
Sithumi

Sithumi

Report

දැනට සිදුකරන පරීක්ෂණ වලින් හෙළි නොවුණද පුද්ගලයන් 30,000කට පමණ දිනපතා කොරෝනා වෛරසය ආසාදනය වනු ඇතැයි අනුමාන කළ හැකි බව වෛද්‍ය විශේෂඥයෝ කියා සිටිති.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම මහතා සඳහන් කරන්නේ දැනට ලැබෙන තොරතුරු අනුව එවැනි අනුමානයකට යා හැකි බවයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හා එහි මාධ්‍ය ප්‍රකාශක හේමන්ත හේරත් මහතා සඳහන් කරන්නේ වාර්තා වන සංඛ්‍යාවට වඩා වැඩි ආසාදිතයන් පිරිසක් සමාජයේ සිටිය හැකි බවයි