දුම්රිය ගමන්වාර 30ක් අවලංගු වෙයි..

Sri Lanka Railways Department of Railways Railways
By krishani Jan 16, 2023 03:39 AM GMT
krishani

krishani

Report

අද (16) දින සිට කෙටි දුර දුම්රිය ගමන්වාර 30ක් අවලංගු කිරීමට වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය 18ක්, කැළණිවැලි සහ පුත්තලම මාර්ගයේ දුම්රිය 02 බැගින් අවලංගු වන අතර මුහුදුබඩ මාර්ගයේ ද අද (16) සිට දුම්රිය ගමන්වාර 08ක් අවලංගු කිරීමට පියවර ගෙන ඇත.

සේවක හිඟය හේතුවෙන් පසුගිය බ්‍රහස්පතින්දා සිට දෛනිකව දුම්රිය ගමන් වාර 42ක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව මීට පෙර තීරණය කර තිබිණ.

එය අත්හිටුවනු ලැබුවේ එම තීරණය යලි සමාලෝචනය කළ යුතු බව පවසමින් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha