කොවිඩ් අවදානම නිසා නගර 3ක සියලු වෙළෙඳසැල් වසාදැමේ

covid19 matale welimada serunuwara kanthale
By Sewvandhi Aug 13, 2021 08:52 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් අවදානම් තත්ත්වයන් මතුවීම හේතුවෙන් නගර 3ක සියලු වෙළඳසැල් වසාදැමීමට පියවර ගෙන ඇත. මාතලේ නගරයේ වෙළෙඳසැල්වල සේවකයින් 67 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ අනාවරණය වීමෙන් පසු එම නගරයේ වෙළෙඳසැල් සතියක කාලයක් සඳහා වසා දැමුණි.

එමෙන්ම කන්තලේ සේරුනුවර නගරයේ අවමංගල්‍ය උත්සවයක් ආශ්‍රිතව ඇතිවූ කොවිඩ් පොකුරක් හේතුවෙන් දින 14 ක් සඳහා සේරුනුවර නගරයේ වෙළෙඳසැල් ද වසාදැමීමට එම වෙළෙඳ සංගමය පියවර ගෙන ඇත.

මීට අමතරව ඌව පරණගම ලූනුවත්ත නගරයේ වෙළෙඳසැල් ද අද (13) සිට දින 3ක කාලයක් සඳහා වසා දැමීමට ලූනුවත්ත එක්සත් වෙළෙඳ සංගමය පියවර ගෙන තිබේ.

You may like this video-:

මේක අමාරු ලෙඩක් නොවෙයි... කල් තියා ප්‍රතිකාර ගන්න

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now