පොල් ගෙඩි 3ක් සොරා ගත් බාල වයස්කාර දරුවකු ඇතුළු දෙදෙනෙකුට අත් වු ඉරණම
CCTV
GALLE
COCONUT
STEALING
VAKUNAGODA
By Sewvandhi
ගාල්ල වැකුණගොඩ ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමකට ගොස් අනවසරයෙන් පොල් කැඩූ තිදෙනෙකු පොල් ගෙඩි තුනක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසු ව ඔවුන් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැරීමට ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල නියෝග කළ බවයි වාර්තා වෙන්නේ. බාලවයස්කාර දරුවෙකු හා ගාල්ලේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකුයි මෙම සිදුවීමට සම්බන්ධ වී ඇත්තේ.
නිතර නිතර සොරුන් පැමිණෙන නිසා, අක්කර එක හමාරක පමණ තම පොල් ඉඩමට සී.සී.ටී.වී පද්ධතියක් සවි කිරීමට පොල් වත්තේ අයිතිකරු තීරණය කර තිබෙනවා. එම සී.සී.ටී.වී දර්ශන අනුවමයි අදාළ පොල් කැඩූ අය සොයාගෙන ඇත්තේ.
--------------------------------------------------------
You may like this video..
පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |