ඉරාන යුද්ධයෙන් මියගිය සංඛ්‍යාව 3,100 ඉක්මවයි
අමෙරිකාව පදනම් කරගත් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ පුවත් ඒජන්සිය සිය නවතම වාර්තාව මගින් ප්‍රකාශ කර ඇත්තේ, පෙබරවාරි 28 වනදා යුද්ධය ආරම්භ වූ දින සිට මේ දක්වා ඉරානය තුළ පුද්ගලයින් 3,186 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
බීබීසී පුවත් සේවය වාර්තා කරන පරිදි, මියගිය පිරිස අතර සිවිල් වැසියන් 1,394 දෙනෙකු සිටින අතර, ඔවුන් අතර අවම වශයෙන් ළමුන් 210 දෙනෙකු ඇතුළත් බව Hrana ආයතනය සඳහන් කරයි.
මීට අමතරව, මරණ 1,153ක් හමුදා මරණ ලෙස වර්ගීකරණය කර ඇති අතර, තවත් මරණ 639ක් කුමන ගණයට අයත්ද යන්න මෙතෙක් නිශ්චිතව තහවුරු කර නොමැත.
මෙම සංඛ්‍යාලේඛන යුද්ධයේ මුල් අදියරේ සිට සිදුවූ ප්‍රහාර, බෝම්බ හා අනෙකුත් ගැටුම් හේතුවෙන් ජීවිත හානි ලැබූ අය පිළිබඳ Hrana විසින් එකතු කළ දත්ත මත පදනම් වේ.
Hrana වැනි ස්වාධීන මානව හිමිකම් සංවිධානවල වාර්තා බොහෝ විට රජයේ නිල සංඛ්‍යාලේඛනවලට වඩා ඉහළ මට්ටමක පවතින බව සටහන් වේ.