ලුණු මෙට්‍රික්ටොන් 2800 ක් වෙළෙඳපොළට

By Mithu May 29, 2025 05:44 AM GMT
Report

පසුගියදා වෙළඳපොලේ ලුණු හිඟයක් නිසා විවිධ ප්‍රශ්න ගැටලු රැසක් මතුවුණා.ඒ අනුව ජාතික ලුණු සමාගම ඉන්දියාවෙන් ආනයනය කළ ලුණු මෙට්‍රික් ටොන් 2800 ක් මේ වනවිට වෙළඳපොළට නිකුත් කර ඇතැයි එම ලුණු සමාගම පවසයි.

අපේම සල්ලි වලින් මහින්ද හදපු උගන්ඩාව..ඩොලර් ට්‍රිලියන 12ක් වටිනා රන්...

අපේම සල්ලි වලින් මහින්ද හදපු උගන්ඩාව..ඩොලර් ට්‍රිලියන 12ක් වටිනා රන්...

ආහාර සදහා ගෙන්වන ලද මෙම ලුණු තොගය පසුගිය 23 දා දිවයිනට ළගා වූ බවත් ඒවා මෙරට ලුණු අළෙවි නියෝජිතයින් හරහා වෙළෙඳපොළට නිකුත් කර පාරිභෝගිකයන්ට අළෙවි කිරීමට පියවර ගෙන ඇතැයිද ජාතික ලුණු සමාගම සදහන් කරයි.

ලංකා ලුණු සමාගම ලුණු මෙට්‍රික් ටොන් 10000 ක්ද පිටකොටුව ආනයනකරුවන් ඇතුළු ආනයනකරුවන් 100 කට වැඩි පිරිසක් තවත් ලුණු මෙට්‍රික් ටොන් ලක්ෂයකට වඩා ආනයනය කරන බවද කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

එළියට යනවනම් අදත් විමසිල්ලෙන්..පලාත් රැසකට වැසි

එළියට යනවනම් අදත් විමසිල්ලෙන්..පලාත් රැසකට වැසි