පොලිසිය සහ යුද හමුදාවේ නිළධාරින් 338ක් වහා කැඳවයි - හදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරයි..

Sri Lanka Army Sri Lanka Police Sri Lanka Police Investigation
By krishani Nov 26, 2023 04:04 AM GMT
krishani

krishani

Report

ඊයේ (25) රාත්‍රියේ දී පොලිසිය සහ යුද හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමකින් සැකකරුවන් 43ක් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.

මෙම මෙහෙයුම සිදුකර ඇත්තේ වැල්ලම්පිටිය - සිංහපුර ප්‍රදේශයේ දී ය.

එයට හේතුව සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සිටීම, අපරාධ වැඩි වීම සහ මත්ද්‍රව්‍ය යන කාරණා නිසා ය.

පොලිස් නිලධාරින් 138 දෙනෙකු සහ යුද හමුදා නිලධාරින් 200 දෙනෙකු මෙයට සම්බන්ධ වී තිබෙනවා.

මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාස අධ්‍යක්ෂ, පොලිස් අධිකාරී ලලිස් අබේසේකර යන නිලධාරීන්ගේ උපදෙස් මතයි.

මෙහෙයුම යටතේ, ගෙවල් 61ක් සහ පුද්ගලයන් 196ක් පරීක්ෂා කර ඇති බව වාර්තා වේ. 

එහි දී හෙරොයින්, අයිස්, නීති විරෝධී මත්ද්‍රව්‍ය, කඩු, මන්න, තහනම් පිහි සහ ජංගම දුරකථන 12ක් සොයාගෙන ඇත.

ReeCha