දින 28 පුංචි මල් කැකුලට දිවි අහිමි කළ මව්කිරි..

Report

ඊයේ (23) මව්කිරි උගුරේ හිරවීම නිසා දින විසිඅටක් වයස දැරියක් යාපනය ශීක්ෂණ රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වාර්තා වෙන්නේ, යාපනයේ කොකුවිල් බටහිර ප්‍රදේශයේ පදිංචි මවක් එම දියණියට මව්කිරි ලබා දෙමින් සිටියදී හදිසියේ ඇති වූ කැස්සක් සමග දැරිය මලානික වී ඇති බවයි.

රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කොට සිටියේ, වහාම ඇයව යාපනය ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇතත් ඒ වන විට දැරිය මියගොස් සිටි බවයි.

මෙසේ මියගොස් ඇත්තේ සසිකුමාර් ප්‍රදීපා නැමති දැරියක්. පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් පසුව මියගිය දැරියගේ දේහය ඥාතීන් වෙත බාර දීමට කොකුවිල් පොලීසිය පියවර ගෙන තිබෙනවා.