වයස 20-22 අතර 27දෙනෙක් හදිසියේම අත්අඩංගුවට ගත් හේතුව..
පොලීසිය විසින් මත්ද්‍රව්‍ය භාවිත කරමින් පැවති සාදයකට එක්වූ පුද්ගලයින් 19ක් සහ තරුණියන් 08ක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
කහතුඩුව පොලීසිය විසින් ලද තොරතුරකට අනුව කළ වැටලීමකදී මාගම්මන ප්‍රදේශයේ නිවසක පැවති එම සාදයට එක්ව සිටි මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී සැකකරුවන් තිදෙනෙකු සන්තකයේ තිබී හෑෂ් මත්ද්‍රව්‍යද තවත් සැකකරුවන් තිදෙනෙකු සන්තකයේ තිබී මත් පෙති ද පොලීසිය සොයාගෙන ඇත.
පොලීසිය පවසන්නේ, මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සියලුම සැකකරුවන් සහ සැකකාරියන් වයස වුරුදු 20 ත් 22ත් යන වයස්වල පසුවන බවයි.
එම සැකකරුවන් සහ සැකකාරියන් පොළොන්නරුව, දෙහිඅත්තකණ්ඩිය, ගාල්ල, මහනුවර සහ දියතලාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි, වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
සැකකරුවන් පිරිස අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර කහතුඩුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
