ඩෙංගු රෝගීන්ගෙන් 27%ක් පාසල් දරුවන්

Report

ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් 27%ක් පාසල් දරුවන් ලෙස පසුගිය සමයේ සිට හඳුනාගෙන ඇති බවයි.

විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මේ බව සඳහන් කලේ කොළඹ නාරාහේන්පිට ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අද පවතී මාධ්‍ය හමුවකදීයි.

විශේෂඥ වෛද්‍යවරිය මෙහිදී පැවසුවේ පාසල් 226ක් මදුරුවන් බෝවිය හැකි ස්ථාන ලෙස හඳුනාගෙන ඇති බවයි.

වෛද්‍ය මහේෂි තවදුරටත් රිමාන්ඩ්

වෛද්‍ය මහේෂි තවදුරටත් රිමාන්ඩ්

මෙම පාසල් හඳුනාගෙන ඇත්තේ දිස්ත්‍රික්ක 16ක් මුල්කර ගනිමින් පසුගිය 30වනදා ආරම්භ වූ ජාතික ඩෙංගු මර්දන සතියේදියි.

මේ අතර කලින් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ හෙට දිනයේදී දිවයින් පුරා පිහිටි පාසල් සහ අනෙකුත් අධ්‍යාපන ආයතන පිරිසිදු කිරීමේ වැඩසටහනක් ආරම්භ වීමට නියමිතයි.

මේ වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 30,228 දෙනෙකු සහ ඩෙංගු මරණ 16ක් වාර්තා වන බවද වෛද්‍යවරිය සඳහන් කරා.

බස්නාහිර , සබරගමුව, නැගෙනහිර සහ දකුණ යන පළාත්වලින් වැඩි වශයෙන් ඩෙංගු මදුරුවන් හඳුනාගෙන ඇති බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ.

හිටපු මෝටර් රථ කොමසාරිස් ඇතුළු සැකකරුවන්ට ඇප

හිටපු මෝටර් රථ කොමසාරිස් ඇතුළු සැකකරුවන්ට ඇප