හෙද සේවයට පුහුණුලාභීන් 2518ක්.

Sri Lanka Government Of Sri Lanka
By Hashini Oct 12, 2023 10:57 AM GMT
Hashini

Hashini

Report

 ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසන්නේ 2018 වර්ෂයේ දී හෙද පුහුණුව සඳහා බඳවා ගත් පුහුණුලාභීන් 2,518ක් සඳහා පත්වීම් ලබාදීමට භාණ්ඩාගාරය එකඟත්වය පළ කළ බවයි.

පුහුණුලාභීන් දහසක් සඳහා පළමුව පත්වීම් ලබාදීමට යෝජනා වී තිබුණේ රටේ පවතින මුල්‍ය අර්බුදය හේතුවෙන්.

ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පවසන්නේ හෙද සිසුවියන්ගේ සහ දෙමාපියන්ගේ ඉල්ලීම මත රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය මුදල්, සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් සහ ජනාධිපතිවරයාට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සියලු දෙනාටම පත්වීම් ලබා දීමට අවසර හිමිවූ බවයි. 

ReeCha