කාලගුණය ඉතා දරුණු වේ - පවුල් 581 අවතැන් වෙද්දී පුද්ගලයින් 6ක් මේ වන තෙක් අතුරුදන්
බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මේ වන විට පවුල් 581කට අයත් පුද්ගලයින් 2,331 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පවසයි.
ආපදා තත්ත්වය හේතුවෙන් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර, පීඩාවට පත් වූ පුද්ගලයින් 1,734 දෙනෙකු මේ වන විට ආරක්ෂිත සුබසාධන මධ්‍යස්ථාන 07ක් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.
මේ අතර, පවතින ආපදා තත්ත්වය හමුවේ පුද්ගලයින් 06 දෙනෙකු අතුරුදන් වී ඇති බව ද දිස්ත්‍රික් ලේකම්වරිය සඳහන් කළාය.
එම අතුරුදන් වූවන්ගෙන් දෙදෙනෙකු ගංවතුරට හසුවී ඇති අතර, අනෙක් සිව්දෙනා පස්කන්දකට යටවීමෙන් මෙලෙස අතුරුදන්ව ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.