ජිම් එකකට අත්තිවාරම දාන්න ගිය තැන උදැල්ලේ බෝම්බයක් වැදිලා - කළුතරම සලිත කරමින් මෝටාර් බෝම්බ 23ක් එළියට
ගුවන්යානාවලින් හෙලීමට යොදාගන්නා මෝටාර් බෝම්බ 23ක් කළුතර ඉඩමක තිබී අද (08) දින හමුවූ බව කළුතර දකුණ මූලස්ථාන පොලීසිය ප්‍රකාශ කරයි.
ඒ අනුව කළුතර සෙන්ට්‍රල් හන්දිය, පැරකුම් මාවතේ පිහිටි ඉඩමක කායවර්ධන මධ්‍යස්ථානයකට අත්තිවාරමක් කැපීමේ කටයුතු සිදුකරමින් සිටියදී මෙම මෝටාර් බෝම්බ තොගය හමුවී ඇති බව සඳහන්.
ඒ අනුව වාර්තා වූයේ අද උදෑසන එහි සේවය කරමින් සිටි සේවකයෙක්ගේ උදැල්ලක දැවටී මෝටාර් බෝම්බ 3ක් ගොඩගෙන ඇති බවයි. අනතුරුව එම ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදා ඇත.
එමෙන්ම එහි තවත් මෝටාර් බෝම්බ ඇති බවට සැකකර මඩ වතුරවලින් පිරී තිබූ වලවල් විශේෂ කාර්ය බළකා සෙබළුන් යොදා පරීක්ෂා කිරීමෙන් පසු තවත් මෝටාර් බෝම්බ 20ක් සොයාගෙන ඇති බව වාර්තා විය.
එම මෝටාර් බෝම්බ තොගය වැඩිදුරටත් පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා කළුතර කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා කදවුර වෙත රැගෙන ගොස් ඇති බව සඳහන්.