22 තරුණිය ප්‍රේම ආරවුලක් ගිනි ගැනීමෙන් මිය යයි - හද කම්පා කරවන සිදුවීම

Sri lanka Criminal
By Sithumi Oct 23, 2021 05:41 PM GMT
Sithumi

Sithumi

Report

ප්‍රේම ආරවුලක් මත සිරුරට ගිනි ගැනීමෙන් මිය ගිය 22 හැවිරිදි තරුණියගේ මරණය සිය දිවි නසාගැනීමක්ද නැතහොත් ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය පුළුල් පරීක්‍ෂණ අරඹා තිබෙනවා.

මිනුවන්ගොඩ පොලිස් වසමේ විතානමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි එල්. ටී. කල්පනි දිල්හාරා දුලානි නමැති තරුණිය නිවස ආසන්නයේ පිහිටි ගරාජ් කාමරයක් තුළදී සිරුරට ගිනි ඇවිළෙමින් තිබියදී ඉකුත් 17 වැනිදා දහවල් හමුවීමෙන් අනතුරුව ගම්පහ මහරෝහලේදී මියගොස් ඇති බව පොලිසිය පවසනවා..

මිනුවන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් නිරෝෂිකා ලියනාරච්චි මෙනවිය මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය පවත්වමින් ස්ථාන පරීක්‍ෂාව මිනුවන්ගොඩ පොලිසියේ සැරයන් සුදත් නන්දසිරි මහතාගේ මඟ පෙන්වීම මත සිදුකර ඇති බව සඳහන්.

මියගිය දිල්හාරා දියණිය නාවල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය බවත්, පසුගිය 17 වැනිදා දිල්හාරාගේ සොහොයුරාගේ උපන්දින සැමරුමට දිල්හාරාගේ පෙම්වතා පැමිණි බවත් මරණකාරියගේ මවවන අචලා පද්මිණි පෙරේරා මිනුවන්ගොඩ පොලිසියට ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.

උපන් දින සාදයෙන් පසු දිල්හාරාට නාඳුනන අයෙකුගෙන් ඇයගේ ජංගම දුරකථනයට ඇමැතුමක් ලැබී ඇති බවත් ඉන් අනතුරුව මියගිය දිල්හාරා සහ ඇයගේ පෙම්වතා අතර ආරවුලක් ඇතිවී ඇති බවත් පසුව දෙදෙනා සමතයකට පත්වී කතාකර ගැනීමට අවශ්‍ය බව පවසා මියගිය තරුණිය පෙම්වතා සමඟ නිවස අසල පිහිටි ගරාජ් ගොඩනැඟිල්ලට ගොස් ඇති බවත් පරීක්‍ෂණවලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළා.

ගරාජයෙන් පෙම්වතා එළියට විත් සුළු වේලවකින් පරාජයේ සිටි මරණකාරිය කෑ ගසන ශබ්දය ඇසී මව ඇතුළු පිිිරිස එක්වී ගින්න නිවා තරුණිය රෝහල් ගතකිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව ද සඳහන්.