නයිජීරියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 22ක් ජිවිතක්ෂයට...
මධ්‍යම නයිජීරියාවේ දෙමහල් පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් සිසුන් ඇතුළු පුද්ගලයින් 22 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.
එමෙන් ම, සුන්බුන් අතර සිරවී සිටි 132 දෙනෙකු බේරාගෙන ප්‍රතිකාර සඳහා රෝහල් ගත කළ බව විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ය.
කෙසේ වෙතත්, ප්‍රමිතියෙන් තොර ඉදිකිරීම් ද්‍රව්‍ය භාවිතය සහ නිසි නඩත්තුවක් සිදු නොකිරීම හේතුවෙන් නයිජීරියාවේ ගොඩනැගිලි කඩා වැටීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ