නීති විරෝධී ධිවරයින් 22ක් නාවික හමුදා භාරයට... (PHOTOS)
By Parami Dissanayake
ඊයේ දිනයේ (17) සිදුකළ මෙහෙයුම් මඟින් මෙරට මුහුදු සීමාවේ තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් විසි දෙදෙනෙකු සමඟ ඩිංගි යාත්‍රා හතක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
කිලිනොච්චිය, නගර්කෝවිල් සහ කුඩාරප්පු මුහුදු ප්‍රදේශයන්හි සහ ත්‍රිකුණාමලය අඩුක්කුපාඩු මුහුදු ප්‍රදේශයේ සිට නාවික හමුදා භාරයට පත් මෙම පිරිස සතුව මුහුදු කූඩැල්ලන් තොගයක් සහ තහනම් ධීවර ආම්පන්න තිබී ඒවා නාවික හමුදා භාරයට ගෙන ඇත.
ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රචලිත කිරීමේ අරමුණෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබන බව සඳහන් වේ.