2025 කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට දින නියම වේ

Cricket Sports Sinhala news
By Mithu Jun 02, 2025 04:32 PM GMT
Mithu

Mithu

Report

2025 වසරේ ICC කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පවත්වන දිනයන් සහ ස්ථාන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කර තිබේ. එම තරගාවලිය සැප්තැම්බර් 30 සිට නොවැම්බර් 02 දක්වා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙයි. මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් අටක් මේ වනවිට සුදුසුකම් ලබා තිබේ.

ලංගම බස්වලට මොකද්ද මේ වෙන්නේ? - අදත් බිහිසුණු අනතුරක්

ලංගම බස්වලට මොකද්ද මේ වෙන්නේ? - අදත් බිහිසුණු අනතුරක්

එම කණ්ඩායම් අට වන්නේ ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ පකිස්තානයයි. පාකිස්තාන කණ්ඩායම තරග කරන සියලුම තරග ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පවත්වනු ලබන්නේ M. Chinnaswamy Stadium (Bengaluru), ACA Stadium (Guwahati), Holkar Stadium (Indore), ACA-VDCA Stadium (Visakhapatnam), සහ කොළඹ ආර් ප්‍රේමදාස යන ක්‍රීඩාංගණවලදීය.

මහින්ද විශ්‍රාම ගනී.. ADB හි නව තනතුරකට

මහින්ද විශ්‍රාම ගනී.. ADB හි නව තනතුරකට

ReeCha