2023 වසරේ රසායන විද්‍යාවේ නොබෙල් ත්‍යාගය විද්‍යාඥයන් තිදෙනෙක්ට.
2023 වසරේ නොබෙල් ත්‍යාගලාභීන් නම් කර තිබෙනවා.
එහිදී 2023 රසායන විද්‍යාව සඳහා පිරිනමන නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් තිදෙනෙක් නම් කර තිබෙනවා.
ඒ Moungi Bawendi, Louis Brus සහ Alexei Ekimov යන විද්‍යාඥයන්ය.
ඔවුන් ඒ සඳහා තේරී පත්ව ඇත්තේ, ක්වොන්ටම් තිත් නිපැයුම සහ සංශ්ලේෂණය වෙනුවෙනි.
2023 වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය වෛද්‍ය විශේෂඥයින් වන හංගේරියාවේ කටලින් කරිකෝ සහ ඇමරිකාවේ ඩ්‍රිව් වීස්මන් තේරී පත්ව තිබෙනවා.
ඔවුන් කොවිඩ් වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා MRNA තාක්ෂනය තුළින් පළමු එන්නත සොයා ගැනීම හේතුවෙන් තේරී පත් වී තිබෙනවා.
මෙම නම් කිරීම් රාජකීය ස්වීඩන් විද්‍යා ඇකඩමිය විසින් සිදු කරනු ලබනවා.
ඇල්ෆ්‍රඩ් නොබෙල් සිහි කිරීම සඳහා සිදු කෙරෙන මෙම ත්‍යාග ප්‍රදානය නොබෙල්ගේ අනුස්මරණ දිනය වන දෙසැම්බර් මස 10 වනදා පැවැත්වීමට නියමිතයි.
එහිදී නොබෙල් ත්‍යාගලාභීන්ට නොබෙල් තාගය සමඟ සහතිකයක්,රන් පදක්කමක් සහ ඩොලර් මිලියනයක් ද පිරිනැමීමට නියමිතයි.
