තවමත් විසඳුම් නැති පාස්කු ඉරිදා ප්‍රහාරය

Report

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පසුව ඇපමත මුදාහැර සිටි සැකකරුවන් දස දෙනකු සහ සැකකාරියන් දෙදෙනෙකු  මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (16) නියෝග කර සිටියා.   

ඔවුන් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සඳහා ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගනු ලැබුවා.   

තවමත් විසඳුම් නැති පාස්කු ඉරිදා ප්‍රහාරය | 2019 Sri Lanka Easter The Bombings

ත්‍රස්ත විමර්ශන කාර්යාංශය විසින් සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ අතර ඔවුන්ට අදාළ විමර්ශන අවසන් කර, උදෘත නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව පොලීසිය අධිකරණයට දන්වා සිටියේ නීතිපතිවරයාගෙන් ලැබුණු උපදෙස් අනුව මෙම පැමිණිල්ල අවසන් කිරීමට කටයුතු කරන බවයි.

දුම්රිය වර්ජනයේ අලුත්ම තත්ත්වය මෙන්න

දුම්රිය වර්ජනයේ අලුත්ම තත්ත්වය මෙන්න

සියලු කරුණු සැලකිල්ලට ගනිමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කර සිටියේ සැකකරුවන්  මුදා හරින ලෙසයි.   

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ දී ඔවුන් භාරයේ තිබී පොලීසිය භාරයට ගන්නා ලද ජංගම දුරකථන ඇතුළු නඩු භාණ්ඩ ඔවුන් වෙත මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර සිටියා.

ඒ අනුව අදාළ භාණ්ඩ සැකකරුවන් වෙත මුදාහරින ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියා.  

අලුතෙන් කට්ටියක් ඇතුලේ...හේතුව මෙන්න

අලුතෙන් කට්ටියක් ඇතුලේ...හේතුව මෙන්න