ජලාශ 20ක් තවදුරටත් වාන් දමයි – පහත් බිම්වල ජනතාව විමසිලිමත් වන්න
පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් වාරි මාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ 20ක් මේවන විට වාන් දමමින් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.
ඒ අනුව වාන් දමන ප්රධාන ජලාශ අතර අනුරාධපුර දිස්ත්රික්කයේ රාජාංගන, නාච්චිදූව සහ යාන්ඔය ජලාශය, බදුල්ල දිස්ත්රික්කයේ අඹෙවෙල ජලාශය, හම්බන්තොට දිස්ත්රික්කයේ ලුණුගම්වෙහෙර, තිස්ස වැව, වීරවිල යෝධ වැව සහ වෙහෙරගල ජලාශ ඇතුළත් වේ.
කුරුණෑගල දිස්ත්රික්කයේ අඹකොළ වැව, උස්ගල සියඹලන්ගමුව, මැදිායය, මාගල්ල සහ දැදුරුඔය ජලාශද, මහනුවර දිස්ත්රික්කයේ නාලන්ද සහ වෑමැඩිල්ල ජලාශද, මොනරාගල දිස්ත්රික්කයේ හදපානගල සහ අලිකොටආර ජලාශ, පුත්තලම දිස්ත්රික්කයේ ඉගිණිමිටිය සහ තබ්බෝව ජලාශ සහ මන්නාරම දිස්ත්රික්කයේ යෝධ වැවද වාන් දමමින් පවතී .
මෙම තත්ත්වය හේතුවෙන් පහත්බිම් ප්රදේශවල ජනතාව සහ ගංඟා ආශ්රිතව ජීවත්වන ජනතාව විමසිල්ලෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කර තිබේ .