තරුණයින් දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවූ තැන..
කිලිනොච්චිය අහලපුරම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 සහ 18 හැවිරිදි වියේ පසුවූ තරුණයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ඇත.
එම තරුණයින් දෙදෙනා යතුරුපැදියකින් ගමන්කරමින් සිටියදී එය පාලනය කරගැනීමට නොහැකිව ඇළට පෙරළීයාමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි, පොලීසිය සැකපළ කරන්නේ.
කිලිනොච්චිය මහෙස්ත්‍රාත් එම්. ජමිල් මහතා විසින් මළ සිරුරු සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා කිලිනොච්චිය රෝහල වෙත රැගෙන ගොස් තිබේ.
කිලිනොච්චිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.
Sponsored By Sarrita Jewellery