මාරක රිය අනතුර තරුණ ජීවිත දෙකක් ජිවිත දෙකක් බිලිගනී (PHOTOS)

ACCIDENT KILINOCHCHIYA PARANTHANA A9 ROAD
By Sewvandhi Nov 09, 2021 05:23 AM GMT
Sewvandhi

Sewvandhi

Report

 කිලිනොච්චිය - පරන්තන් ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ඊයේ රාත්‍රී 11.40 ට මෙම අනතුර සිදුව ඇත. A9 පුළුල් මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

සිද්ධියෙන් යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ කුමාරපුරම් ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි මහේන්ද්‍රරාසා යුත්කපිසන් සහ පරන්තන් ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි සෞන්දනන්දන් කාන්දීපන් යන අය බව පොලිසිය පවසයි.

එම ස්ථානයේ තිබී බියර් බෝතල් ද සොයාගෙන ඇත. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් අද සිය උපන්දිනය සමරමින් සිටියදී ඊයේ මෙම අනතුර සිදුවුණා. මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය කිලිනොච්චිය රෝහලේ තැන්පත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය මූලික පරීක්ෂණ පවත්වයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


Gallery
ReeCha