මහ මැතිවරණය අස්සේ බෝම්බ පිපිරීම් 2ක්. - මියගිය ගණන මෙන්න.. - (VIDEO)

Pakistan Election Bomb Blast
By Wayomi Feb 07, 2024 11:21 AM GMT
Wayomi

Wayomi

Report

පාකිස්තානයේ සිදුවූ බෝම්බ පිපිරීම් දෙකකින් ආසන්න වශයෙන් පුද්ගලයින් 20ක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පාකිස්තානයේ බලොචිස්තාන ප්‍රාන්තයේ හි මෙම පිපිරීම් සිදුව ඇති අතර පළමු පිපිරීම සිදුව ඇත්තේ, එරට මහ මැතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකුගේ පක්ෂ කාර්යාලයක් අසළයි.

ඉන් ආසන්න වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම දෙවන පිපිරීම Qillah Saif Ullah දිස්ත්‍රික්කයේ සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් ඇති අතර තුවාල ලැබූ පිරිසක් රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

එරට බලධාරීන් පවසන්නේ, මෙම පිපිරීම්වල වගකීම මේ දක්වා කිසිවෙකුත් භාරගෙන නොමැති බවයි.

මෙම බෝම්බ පිපිරීම් සිදුව ඇත්තේ,හෙට දිනයේ එරට මහ මැතිවරණය පැවැත්වීමට නියමිත පසුබිමකයි.  


ReeCha