පිය පුතු දෙදෙනාගේ සිරුරු වතුර ටැංකියෙන් හමුවූ බිහිසුනු අභිරහස..
අභිරහස් ලෙස මියගොස් සිටි 37 හැවිරිදි පියෙකුගේ සහ 9 හැවිරිදි පුතෙකුගේ සිරුරු කර්මාන්තශාලාවක් තුළින් සොයාගෙන තිබේ. අද (15) පෙරවරුවේ සිය පුත්‍රයා රැගෙන අදාළ පුද්ගලයා කර්මාන්තශාලාවේ ආරක්ෂාව පරීක්ෂා කිරීම සඳහා පැමිණ සිටි අවස්ථාවේදී එම සිද්ධිය සිදුවී ඇති බව වාර්තා වෙයි.
පෙරවරු 10.30ට පමණ කර්මාන්තශාලාව තුළට ගිය එම දෙදෙනා පස්වරු 2.00 පමණ වනවිටත් පිටතට නොපැමිණීම නිසා ආරක්ෂක නිලධාරියා විසින් සොයා බැලීමේදී වතුර ටැංකියක දෙදෙනාගේ සිරුරු තිබී සොයාගෙ ඇත. මියගිය පුද්ගලයා එම රබර් නිෂ්පාදන කර්මාන්තශාලාවේ විධායක ශ්‍රේණියේ නිලධාරියෙක් වන අතර ආයතනයට නිඩාඩු ලබාදී ඇති බැවින් එහි ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බැලීමට එහි පැමිණ ඇති බව අනාවරණය වෙයි.
අදාළ කර්මාන්තශාලාව ගාල්ල - බටදූව ප්‍රදේශයේ පිහිටි පාවහන් නිෂ්පාදන කර්මාන්තශාලාවක් බවද වැඩිදුරටත් වාර්තා විය. කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය ජලය රැස්කර තිබූ ටැංකියක තිබී ඔවුන් දෙදෙනාගේ සිරුරු සොයාගෙන තිබුණි. මියගොස් ඇත්තේ ගාල්ල අක්මීමණ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |