ශ්‍රි ලාංකිකයින් 18 දෙනෙක් ඊයේ ඉන්දියාවට පැන යයි...

Jaffna Sri Lanka Government Of Sri Lanka Sri Lankan Peoples Government Of India
By Subodha Apr 22, 2022 08:44 AM GMT
Subodha

Subodha

Report

ශ්‍රී ලාංකික දෙමළ පුද්ගලයන් 18 දෙනෙක් ඊයේ (21) රාත්‍රියේ සහ අද (22) අලුයම කණ්ඩායම් දෙකකින් තමිල්නාඩුවේ රැකවරණ පතා රාමේශ්වරම් වෙත පැමිණි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

රැකවරණ පතා පැමිණි කණ්ඩායමේ මාස 4ක ගැබිණියක්, අවුරුදු එක හමාරක ළදරුවෙක් සිටින බවත් එක් දවසක් තුල පැමිණි දෙවැනියට වැඩිම ශ්‍රී ලංකික සරණාගතයින් සංඛ්‍යාව මෙය බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දැඩි ආර්ථික අර්බුදය මධ්‍යයේ ඉහළ උද්ධමනය සහ විරැකියාව හේතුවෙන් විශේෂයෙන් ශ්‍රී ලාංකික දෙමළ ජනතාව කුඩා බෝට්ටුවල නැගී නීති විරෝධීව රාමේශ්වරම් බලා පැමිණෙන බව ඉන්දීය මාධ්‍ය පවසයි.

13 දෙනෙකු ගෙන් යුත් පළමු කණ්ඩායම මන්නාරම ධීවර වරායෙන් ගමන් අරඹා ඇති අතර 5 දෙනෙකුගෙන් යුත් දෙවැනි කණ්ඩායම යාපනයෙන් ගමන් අරඹා ඇති බව අනාවරණය වී ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මෙම 18 දෙනා යාපනය සහ මන්නාරම් ප්‍රදේශය පදිංචිකරුවන් බවත් මේ දක්වා ශ්‍රී ලාංකික දෙමළ පුද්ගලයන් 60 දෙනෙකු සරණාගතයන් ලෙස තමිල්නාඩුවට පැමිණ ඇති බවත් ඉන්දීය මාධ්‍ය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 


join now