එකම සේවා ස්ථානයේ සිටි මේ අයට ස්ථාන මාරුවීම් දීලා - දුන්න ස්ථානමාරු වීම් වහාම අත්හිටුවන මෙන් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයෙන් ලිපියක්
බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් සමරනායක මහතා විසින් එක් සේවා ස්ථානයක වසර ගණනාවක් සේවය කිරීම මුල්කරගෙන වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන් පිරිසකට ස්ථාන මාරුවීම් දීමට පියවර ගෙන ඇති බව සඳහන්.
ඒ අනුව මෙසේ ස්ථාන මාරු කර ඇත්තේ 2026 ස්ථාන මාරු සමාලෝචන කමිටුව මඟින් නිර්දේශ කර ඇති වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන් දහසය දෙනෙක්ව බව වාර්තා වේ.
රටක් හොල්ලපු මෙහෙයුම - පා. මන්ත්‍රීනියකගේ නිවසින් ඩො. මිලියන 57 ක මුදල් සහ පිරිසිදු රත්‍රන් කිලෝ 27න් කරපු රන් ආලේපිත යට ඇඳුම් හමුවෙයි - අත්අඩංගුවට
කෙසේ වෙතත් සේවා අවශ්‍යතා රෝගීන්ගේ යහපත, කාර්ය සාධනය, නිපුණතාව හෝ ආයතනික කාර්යක්ෂමතාව ආදිය නොතකා මෙසේ ස්ථාන මාරුවීම් දීම තම සංගමය දැඩි සේ විරෝධය පළකරන බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය ප්‍රකාශ කරයි.
එබැවින් අඳාළ ස්ථානමාරු වීම් වහාම අත්හිටුවා නවීන මානව සම්පත් කළමනාකරණ මූලධර්ම මත පදනම්ව නව ස්ථාන මාරුවීම් ප්‍රතිපත්තියක් සකස් කරන මෙන් එම සංගමය බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් සමරනායක වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇති බව සඳහන්.