මෙන්න මේ පාරවල් ආයෙමත් විවෘත කරලා

Report

පැවති අධික වර්ෂාවත් සමඟ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබුණු මාර්ග 159ක් යළි විවෘත කර ඇත.

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් මාර්ග සංවර්ධන අධිකාරිය මේ බව සඳහන් කර තිබේ.

පොලීසිය නිවේදනය කරන්නේ ගංවතුර හේතුවෙන් වසා දමා තිබු දක්ෂිණ අධිවේගයේ කඩුවෙල අන්තර් හුවමාරු ඇතුළුවීමේ හා පිටවීමේ දොරටුව අතුරුගිරිය අනුපාලක ස්ථානයේ ඇතුළුවීමේ හා පිටවීමේ දොරටු ද අද වනවිට විවෘත කර ඇති බවයි.

ඒ අනුව ප්‍රධාන මාර්ග 5ක් යළි විවෘත කළ ප්‍රධාන මාර්ග අතර වේ.

A-004 - කොළඹ - රත්නපුර - වැල්ලවාය - මඩකලපුව මාර්ගය

A-026 - මහනුවර - මහියංගනය - පදියතලාව මාර්ගය

AA-006 - අබේපුස්ස - කුරුණෑගල - ත්‍රිකුණාමලය මාර්ගය

AA-010 - කටුගස්තොට - කුරුණෑගල - පුත්තලම මාර්ගය

AA- 003 පෑලියගොඩ - පුත්තලම මාර්ගය

ඇතුළු තවත් ප්‍රධාන ගණනාවක් මේ අතරට ඇතුළත් වේ.

මේ වනවිටත් ආපදා තත්ත්වය සමඟ නඩත්තු හා අලුත්වැඩියා කටයුතු වේගවත් කිරීම, මාර්ග ආරක්ෂාව සහ ජනතාවගේ දෛනික කටයුතු පහසු කරගැනීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු කණ්ඩායම් හා කේෂ්ත්‍ර කාර්ය මණ්ඩල අඛණ්ඩව බොහෝ වෙහෙසෙමින් කටයුතු කරනු ලබයි.

මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සදහන් කළේ ආපදා හේතුවෙන් දැනට වසා දමා ඇති මාර්ග කඩිනමින් විවෘත කරන බවයි.

මාර්ග 95 ක පමණක් තවදුරටත් බාධා පවතින බව මාර්ග සංවර්ධන අධිකාරිය කියයි

මාර්ග 95 ක පමණක් තවදුරටත් බාධා පවතින බව මාර්ග සංවර්ධන අධිකාරිය කියයි

ජල සැපයුම ගැන මෙන්න විශේෂ නිවේදනයක්

ජල සැපයුම ගැන මෙන්න විශේෂ නිවේදනයක්