ගංවතුරෙන් 151 දෙනකු ජීවිතක්ෂයට
මධ්‍යම නයිජීරියාවට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 151 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නයිජීරියාවේ නයිගර් ප්‍රාන්තයේ නිවාස 300කට අධික සංඛ්‍යාවක් විනාශ වී ඇති අතර, දහස් සංඛ්‍යාත ජනතාව අවතැන් වී ඇතැයි වාර්තා වේ.
ගංවතුරෙන් ජීවිතක්ෂයට පත්වූවන් සහ අතුරුදන් වූවන් සොයා නයිගර් ප්‍රාන්තයේ ආපදා කළමනාකරණ ඒජන්සිය විසින් මෙහෙයුමක් ආරම්භ කර ඇත.
මධ්‍යම නයිජීරියාව හරහා ගලන නයිගර් ගඟ පිටාර ගැලීම හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ යා හැකි බවට විදෙස් වාර්තා සඳහන් කරයි.
නයිජීරියාවේ කාලගුණ විද්‍යා ඒකකය අනාවැකි පළ කරන්නේ ඉදිරි දිනවල ද වර්ෂාව පවතිනු ඇති බවයි.