දෙහිඅත්තකණ්ඩිය මාර්ගයේ දරුණු අනතුරක් - එක් අයෙකු මරුට

Report

දෙහිඅත්තකණ්ඩිය - මහියංගන ප්‍රධාන මාර්ගයේ හොබරියාව ප්‍රදේශයේදී අද (03) පෙරවරු 11:01ට පමණ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පදික වේදිකාවට කඩා වැදීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. එම අනතුරින් පෙර පාසල් දරුවන් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයින් හයදෙනෙකු තුවාල ලබා තිබේ.

අනතුරින් තුවාල ලැබූවන් ගිරාදුරුකෝට්ටේ රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

කෙහෙළිය සහ පුත්‍රයා ඇප මත නිදහස්

කෙහෙළිය සහ පුත්‍රයා ඇප මත නිදහස්

මහියංගණයේ සිට දෙහිඅත්තකණ්ඩිය දෙසට ගමන් ගත් මෝටර් රථයක් මෙසේ අනතුරට ලක්ව ඇති අතර, තුවාල ලැබූවන් අතර පෙර පාසල් දරුවන් සිව්දෙනෙකු, ආබාධිත පුද්ගලයෙකු සහ කාන්තාවක් ද ඇතුළත් බව පොලිසිය සඳහන් කළේ.

රියැදුරුට නින්ද යාම මෙම අනතුරට හේතුවන්නට ඇතැයි පොලිසිය සැක පළසමින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

හැමෝම බලාගෙන හිටපු කොළඹ පුරපති සටනට...සජබෙන්

හැමෝම බලාගෙන හිටපු කොළඹ පුරපති සටනට...සජබෙන්

අනුදි පැරදුනාට පස්සේ දිලිත් දාපු සටහන

අනුදි පැරදුනාට පස්සේ දිලිත් දාපු සටහන