කෙහෙළිය සහ පුත්‍රයා ඇප මත නිදහස් [VIDEO]
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ ඔහුගේ පුත්‍රයා වන රමිත් රඹුක්වැල්ල ඇප මත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කළේ.
අල්ලස් කොමිසම සහ විත්ති පාර්ශවයේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.