මංගල උත්සවය අවමංගල්‍යයක් වන ලකුණු..උත්සවයට සහභාගි වූ 15ට covid..විශාල පිරිසක් නිරෝධායනයට..

By Sewvandhi Dec 10, 2021 10:03 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මාතර ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වූ නිකවැරටිය ප්‍රදේශයේ පුද්ගලයන් 15 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි .

මංගල උත්සවය සඳහා විසි දෙනකු ගෙන් යුතු පිරිසක් නිකවැරටියේ සිට මාතර ප්‍රදේශයට ගොස් ඇති අතර ඉන් 15 දෙනකුටම කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවද ඔවුන් ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි .

ආසාදිතයින් 15 දෙනා අයත් පවුල් 10 ක පුද්ගලයන් 30 දෙනකු නිරෝධායනයට ලක් කර ඇති බවද ,සමීප ආශ්‍රිතයන් සඳහා ඇන්ට්‍රිජන් පරීක්ෂණ සිදු කිරීමට නියමිතව ඇති බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW