14 කට මරු කැඳවූ ඇඟ හිරිවැටෙන අති බිහිසුනු බස් අනතුර - (VIDEO)
By Sewvandhi
නේපාලයේ සිදුවූ බස් රථ අනතුරකින් 14 දෙනකු මියගොස් තවත් 17 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නේපාලයේ පොඛාරා නගරයේ සිට කත්මණ්ඩු දක්වා ධාවනය වූ බස් රථයක් මාස්යන්ග්දි ගංගාවට වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ලියාපදිංචි බස් රථයක් මෙසේ ගංගාවට වැටී අනතුරට ලක්ව ඇති බවයි පැවසෙන්නේ.
නේපාල බලධාරීහු ප්‍රකාශ කරන්නේ, අනතුර සිදුවූ මොහොතේ එම බස් රථයේ මගීන් 40 දෙනකු පමණ ගමන් කර තිබෙන බවයි.
මෙම අනතුරට හේතුව හෝ බස් රථයේ රැඳී සිටි මගීන්ගේ අනන්‍යතාවය තවමත් හෙළිකරගෙන නැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.