විදේශීය දුම්වැටි තොගයක් සමග චීන ජාතිකයින් 14ක් රේගු භාරයට

Report

රුපියල් මිලියන 20.73ක අධික වටිනාකමකින් යුත් නීතිවිරෝධී විදේශීය දුම්වැටි තොගයක් මෙරටට හොර රහසේ රැගෙන ආ චීන ජාතිකයන් 14 දෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ විශේෂ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

අද (28) අලුයම 1.30 ට පමණ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට OD 297 දරන මගී ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි මෙම චීන ජාතිකයන් පිරිස කෙරෙහි ඇතිවූ සැකය මත රේගු නිලධාරීන් විසින් ඔවුන්ව පැමිණීමේ පර්යන්තයේදී විශේෂ පරීක්ෂාවකට ලක් කර ඇත.

එහිදී එම සැකකාර චීන ජාතිකයන් 14 දෙනා සතු වූ ගමන් මලු 14 ක් ඉතා සියුම් ලෙස පරික්ෂා කිරීමේදී, ඒවායෙහි පතුලේ සූක්ෂම ලෙස සඟවා තිබූ විදේශීය සිගරට් කාටුන් 691 ක් සොයා ගැනීමට රේගු නිලධාරීහු සමත් වූහ.

රේගු භාරයට ගත් මෙම තොගය තුළ අන්තර්ගතව තිබූ සමස්ත දුම්වැටි සංඛ්‍යාව 138,200 ක් වන අතර, එහි සම්පූර්ණ වටිනාකම රුපියල් විසි මිලියන හැත්තෑ තුන් දහසක් (රු. 20,730,000) ලෙස ඇස්තමේන්තු කර ඇති බව ගුවන්තොටුපොළ රේගු බලධාරීන් සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් පැවැත්වූ මූලික රේගු විමර්ශන කටයුතුවලින් අනතුරුව, අදාළ නීතිවිරෝධී දුම්වැටි තොගය සම්පූර්ණයෙන්ම රාජසන්තක කිරීමට නියෝග කර තිබේ.

රජයේ විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට - ගැසට් නිවේදනය නිකුත් වේ

රජයේ විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට - ගැසට් නිවේදනය නිකුත් වේ

ඉදිරි පැය 36 සඳහා මුළු ලංකාවටම වලංගු නිවේදනයක්

ඉදිරි පැය 36 සඳහා මුළු ලංකාවටම වලංගු නිවේදනයක්